කොල්ලුපිටියේ කසිප්පු විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන කතුන්ට ඇප

කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ නීතිවිරෝධී කසිප්පු නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතික කාන්තාවන් දෙදෙනා ඇතුළු 3 දෙනා අද(19) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී වරද පිළිගත් එක් චීන ජාතිකයෙකුට රුපියල් දෙලක්ෂ 80,000ක දඩ මුදලක් අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

කෙසේ වෙතත්, වරද පිළි නොගත් චීන ජාතික කාන්තාවන් දෙදෙනාට රුපියල් 25,000ක දඩ මුදලක් සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ.

මීට අමතරව ඔවුන්ට විදේශ ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

The post කොල්ලුපිටියේ කසිප්පු විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන කතුන්ට ඇප appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

33 Views