කොරෝනා නිසා මීගමුව නගර සභා වෙළෙඳ සංකීර්ණය වසා දමයි

මාධ්‍යවේදියා ::

මීගමුව නගර සභාවට අයත් වෙළෙද සංකීර්ණය වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. එම වෙළෙද සංකීර්ණයේ පිහිටි රෙදිපිළි අළෙවි කිරීමේ ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙක් සහ ඔහුගේ බිරිඳ හට Covid-19 වෛරසය ආසාදනය වීම ඊට හේතුව බව මීගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් වසන්ත ප්‍රකාශ කරයි.

මෙම ව්‍යාපාරිකයාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔවුන්ගේ වෙළෙදසැලට ආසන්නයේ පිහිටි සෙසු වෙළෙදසැල් වසා දැමීමට පියවර ගත් බවත් හෙට දිනයේදී එහි සිටි පුද්ගලයින් 100කට ආසන්න පිරිසකගේ  PCR පරීක්ෂණ කිරීමට සැලසුම් කොට තිබෙන බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා පවසයි.

මෙම ව්‍යාපාරික ස්ථානයෙන් රෙදි මිලදී ගනු ලැබූ පාරිභෝගිකයින් කවුරුන්ද යන්න සොයා බලමින් සිටින බව පැවසු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා ඔවුන්වද  PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය බව කියා සිටියේය.

මෙම ව්‍යාපාරිකයාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යයද පසුගිය ඔක්තෝම්බර් මස පළමු සතියේදී පවත්වා ඇති බවටද
තොරතුරු අනාවරණය වී තිබේ.

The post කොරෝනා නිසා මීගමුව නගර සභා වෙළෙඳ සංකීර්ණය වසා දමයි appeared first on මාධ්‍යවේදියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

42 Views