කොරෝනා දේශපාලනය

1.පෞද්ගලික අංශයටයි, විශ්ව විද්‍යාල වලටයි සිදු වෙච්ච වැරැද්ද වහගන්න සමහරු විද්‍යාත්මක හේතු හොයනවා.

2.සීරම් ටෙස්ට් කරන්නෙ නැත්නම් ක්ෂුද්‍රජීවී වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරය රකින්න.

3.සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත ලැබ් වලට pcr සාම්පල් යවන්නේ ධාරිතාවේ ප්‍රශ්නයකට වඩා ව්‍යාපාරික අරමුණු නිසා.ඒවායෙන් ලැබෙන ලාභයත් සෞඛ්‍ය අමාත්‍යාංශයේාංශයේ හා රෝහල් වල ඉන්න සමහර විශේෂඥයන්ට ලැබෙනවා.

4.සෞඛ්‍ය ලේකම්තුමා අහිංසකයෙක් මුලින් මුලින් සෘජු තීරණ ගත්තත් දැන් දැන් පහළ ඉන්න නිලධාරීන් එයාගෙ කනෙන් රිංගනවා සමහර වෙලාවට එයා අපි එන තීරණ ගන්නේ අපේ හතුරෙක් එක්ක.

5.සෞඛ්‍ය ඇමතිණිය සමහර තැන් වල අතරමං වෙලා රාජිත සේනාරත්න ඇමතිතුමාට ආපු දේශපාලන විරෝධය වළක්වා ගන්න ගිහිල්ලා එයා ඊටත් වඩා ලොකු අමාරුවක වැටෙනවා.

6.සමහරු කෝවිඩ් පැත්තක දාලා රාජිතගෙන් කට්ටියයි රජිතගේ විරුද්ධ කට්ටියයි හොයනවා එහෙම හොයන ගොඩක් අය ඉස්සර රාජිත ඇමතිතුමාටත් ළඟින්ම ඉඳගෙන ලණු දීපු අය.

7.පොසිටිව් කියලා දීපු pcr වාර්තාවක් ආවට ගියාට නැගිටිව් වෙන්න බෑ. එහෙම වෙනවනම් 99% ඒක රසායනාගාරයේ වරදක් 70% ක් සංවේදීතාවය අදාළ වන්නේ නෙගටිව් වාර්තාවක් පොසිටිව් වීමට මිස වැරදි පොසිටිව් වාර්තාවක් ලබා දීමට නොවේ.

8.GMOA එකේ සමහරු හිතාගෙන ඉන්නවා අනිත් සේරම වෘත්තීය සමිති කපලා දැම්මම ඒ ගොල්ලො විතරක් ඉතුරු වෙයි කියලා ආණ්ඩුව හදන්න GMOA උදව් කරා කියලා ස්වාධීන ඉන්න අනිත් වෘත්තීය සමිති ඔක්කොම කපලා දාන එක වැරදියි.

9.අමාත්‍යංශයේ සමහර නිලධාරීන් GMOA එකට බයයි වගේ පෙන්නන්න බොරුවට ඒගොල්ලන්ගෙ වැඩේ කරගන්න, වෘත්තීන් අතර විරසක හදන්න එගොල්ලෝ GMOA එක පාවිච්චි කරනවා.

10.මාධ්‍යත් කොහෙන් හෝ වාරණය වෙනවා කියලා අපිට දැනෙනවා.අපි කියන ඇත්ත යන්නේ එක ටීවි චැනල් එකක විතරයි.

11.ජනාධිපතිතුමාගේ පාලන ක්‍රමයෙනුත් ගොඩක් අය වැඩ කිරීමට වඩා තම තමන්ගේ පෞද්ගලික ප්‍රතිවාදීන් මෙල්ල කරන්න ප්‍රයෝජන ගන්නවා.ජනාධිපතිතුමාට යවන ලිපි වලට කවදාවත් ප්‍රතිචාරයක් ලැබිලා නෑ.යවපු ලිපි වලට ලිපිය ලැබුණා කියලාවත් ප්‍රතිචාර ලැබෙනවා අඩුයි.හැබැයි අපි ඒ කියපු හැම එකක් ම පහු වෙලා හෝ ක්‍රියාත්මක වීම ගැන අපට සතුටුයි.

a.මුලින් අපි මාස්කක් දාන්න ඕන කියනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය ම ඕන නෑ කිව්වා.
b.රසායනාගාර පරීක්ෂණ මත තීරණ ගන්න ඕන කිව්වම ගුවන්තොටුපොළේදී උණ බලලා තීරණ ගත්තා.
c.ගුවන් තොටුපොළේ රසායනාගාරයක් හදන්න කිව්වම ඒක බොරු වැඩක් කියපු අය ගොඩක් හිටියා.
d.අපි කියන එක අහන්නේ නැතුව විශ්වවිද්‍යාල වලට නිදර්ශන යවල වරද්ද ගත්තාම තහනම් කරන්න වුණා.
e.පෞද්ගලික අංශයට නිදර්ශන යවන්න එපා කිව්වම හොරෙන් තීරණ අරගෙන දැන් ධන ඍණ මාරු කරගෙන ඉන්නවා.
f.ශ්‍රී ලංකා ජාතික රෝහලේ pcR රසායනාගාරයක් හදන්න කියන කොට ඒකෙ ඉන්න රසායනාගාර විශේෂඥ වෛද්‍යවරු දෙපැත්තට කඹ ඇද ගත්තා.ඒක බේරන්න බැරුව අනිල් ජාසිංහ මහත්මයා රසායනාගාර දෙකක් හදන්න අනුමැතිය දුන්නා. තවමත් ජාතියේ මහා රෝහල එක pcR පරීක්ෂණයක් වත් කරගන්න විදියක් නෑ.

12. MBBS එකක් නැත්නම් මොකුත්ම බෑ කියන න්‍යාය ජනාධිපති කාර්ය සාදනය ඉඳලා තීරණ ගන්න හැම තැනකම තියෙනවා වැඩ කරන මිනිස්සුන්ගේ ප්‍රශ්න ඒ නිසා නොසලා හැරලා තියෙනවා.

13.සමහර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු තීරණ ගන්නේ කොම්පැණි එයාලගේ යාලුවෝ එක්කම විතරයි.ඒ නිසා එයාලට අපිව පේන්නේ හතුරු වූ විදිහට.

14.පහුගිය කාලයේ ලෝක බැංකුව දුන්නු ආධාර කොවිඩ් ඉවරයි කියලා හරවල යවන්න ට්‍රයි කරා කොවිඩ් වලට අදාලව රෝහලේ පහසුකම් වැඩි දියුණු කරන්න ලබාදුන්නු ආධාර හරවල යැව්වේ ප්‍රසම්පාදනය UNICEF එකෙන් කරපු නිසා.ඒක සමහරුන්ට ලැබෙන ප්‍රතිශතය පිළිබඳ ප්‍රශ්නයක් මිසක් කොවිඩ් පිළිබඳ ප්‍රශ්නයක් නෙමේ. හැබැයි ඒකේ ප්‍රතිඵලය මුදල් ලැබී තිබිලත් ලැබ් වලට ඉස්පිරිතාල වලට වැඩ කරන්න ඕන බඩු ටික නැති වීම.

15.පැයකින් PCR කරන්න පුළුවන් අලුත් තාක්ෂණය ලැබ් වලට ඉල්ලුවාම දුන්නේ නෑ. හැබැයි දැන් වාර්තා පරක්කුයි කියනවා. තාමත් අපිට පැය හයක්/අටක් යනවා තාක්ෂණික වාර්තාවක් මැෂින් එකෙන් එළියට ගන්න.

16.පැය 24 වැඩ කරපු අයට OT දෙන්න යනකොට චක්‍රලේඛවලට තාප්ප ගහලා තියෙනවා.

17.බ්‍රැන්ඩික්ස් පොකුරේ වෛද්‍යවරියගේ PCR පරීක්ෂණය නෙගටිව්. හැබැයි අපි දන්න තරමට ඇයට antibody පරීක්ෂණයක් කරල නෑ. ඒව කරන්න අවසරයක් ලංකාවේ ඇත්තෙත් නෑ. ඇයට මේ රෝගය වැළඳිලා හොඳ වුනාද කියල දැනගන්න antibody පරීක්ෂණය අත්‍යවශ්‍යයයි.සෞඛ්‍යය අමාත්‍යාංශය ඒ පරීක්ෂණය වළක්වාගෙන ඉන්නේ ක්ෂුද්‍රජීවී විශේෂඥයෝ කීප දෙනෙක්ගේ ඒකාධිකාරයට යටවෙලා.ඒකට උඩින් පරිපාලන තීන්දුවක් ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට කොන්දක් නෑ.

18.විශ්වවිද්‍යාලවල පාවිච්චි කරන “අධ්‍යයන පර්යේෂණ සඳහා පමණයි” කියන ලේබලය යටතේ ඇති ප්‍රතික්‍රීයක සහ උපකරණ භාවිතා කිරීම වැරදි වාර්තා නිකුත් වෙන්න හේතුවක් කියලා දිගින් දිගටම පෙන්වලා දෙද්දී ඒවා ගෙනල්ලා MRI එක වගේ තැන්වලත් හයි කරා.

19.රෝගයක සමාජීය පැතිරීම කියන්නේ වසංගත විද්‍යාවට අයිති දෙයක්. බුද්ධි අංශ හෝ මිලිටරි උපයෝගී කරගෙන රෝගයක සම්බන්ධතාවය හෙවීම තවත් උපක්‍රමයක්. සමාජ පැතිරීම විග්‍රහ කරනකොට අපි මේ දෙක පටලවාගන්න ඕන නෑ. කොහොම උනත් සීරම් පරීක්ෂණත් නොකර බ්‍රැන්ඩික්ස් පොකුරේ නොදැනීම සුවපත් වූ රෝගීන් ගැන අදහසක් නැතුව සමාජ පැතිරීමක් නැහැ කියන්න කාටවත් බැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

33 Views