කුලියාපිටියේ ගම් 4කට, මතුගම ගම් 3 කට සංචරණ සීමා

කුලියාපිටියෙන් කොවිඩ් -19 වෛරසය ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමඟින් ගම්මාන 04 ක සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබෙනවා

ගයියාල , ඌරුපිටිය, ඇන්නරුව සහා පල්ලේවල යන ගම්මාන 04ට මෙලෙස සංචරණ සීමා පනවා ඇති අතර කුලියාපිටියේ පිහිටි දේවස්ථානයක පසුගියදා පැවැති මංගල උත්සවයකට මෙම පිරිස සහභාගී වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා

කුලියාපිටිය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක මනාලයා ඇතුළු සිව් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදු කළ PCR පරික්ෂණවලදී මෙලෙස තවත් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගැනීමට හැකි වි තිබෙනවා

කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමග මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 3 ක් හුදකලා කළ බවද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා

ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය එලෙස හුදකලා කර තිබෙනවා

The post කුලියාපිටියේ ගම් 4කට, මතුගම ගම් 3 කට සංචරණ සීමා appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

37 Views