කැකිරාවේ 106ක් පී.සී.ආර් පරීක්ෂාවට

කැකිරාව නගරය ආශ්‍රිත රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවකයින් හා ව්‍යාපාරිකයින් ඇතුලු අහඹු ලෙස තෝරාගත් පිරිසකට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (19) කටයුතු කර තිබෙනවා.

කැකිරාව නගරය ආශ්‍රිතව ඇති රෝහල, බැංකු, පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුලු රජයේ කාර්යාලවල හා කැකිරාව නගරය ආශ්‍රිතව ඇති ඇගලුම් කර්මාන්ත ශාලාවක නිරන්තරයෙන් ජනතාව සමග සබඳතා පවත්වන කාර්ය මණ්ඩල සාමාජිකයින් හා ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්ම කැකිරාව පොදු බස් නැවතුම්පල ආශ්‍රිතව ව්‍යාපාර කටයුතු වල නිරත පිරිසක් මෙලෙස පී.සී.ආර් පරීක්ෂණයට ලක්කර තිබෙනවා.

මෙලෙස අහඹු ලෙස තෝරාගත් 106 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ සාම්පල ලබා ගැනීම එහිදී සිදු කළ අතර අදාළ සාම්පල පරීක්ෂන කටයුතු සදහා අනුරාධපුර මහ රෝහල වෙත යොමු කිරීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අද 19 දිනය වනවිට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 41 දෙනෙකු ස්වයං නිරෝධායනයට ද යොමු කර තිබෙනවා.
ගම්පහ දිවුලපිටිය මිනුවන්ගොඩ වැනි රෝගින් වාර්ථා වූ ප්‍රදේශ සමග සෘජු සබධතා පැවැත්වූ හා විදෙස් ගතව පැමිණි පිරිස් ද ඒ අතර වන බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

The post කැකිරාවේ 106ක් පී.සී.ආර් පරීක්ෂාවට appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

27 Views