කාදිනල් හිමියනුත් විස්ස ගැන සංඝරත්නයේ මතයට එකඟයි – ඇල්ලේ ගුණවංශ හිමි

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මහා සංඝරත්නය දරණ මතය තමාගේ මතයද වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, එම සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ කරුණු ඇතුළත් සංදේශයක් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් කාදිනල් හිමිපාණන් වෙත පිළිගැන්වූ අවස්ථාවේදියි.

ඊයේ (18) පස්වරුවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් අගරදගුරු නිල නිවසේදී කාදිනල් හිමිපාණන් හමුවී මෙම සංදේශය භාරදුන්නා.

මේ අතර, පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් මතුව ඇති විරෝධය පිළිබදව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අගරදගුරු මණ්ඩලය, සිවිල් සංවිධාන මෙන්ම රටේ ශාසනික සහ සමාජ මෙහෙවරේ විවිධ ආකාරයෙන් කැප වී සිටින භික්ෂූන් වහන්සේලාගේ ද අප්‍රසාදය මේ වන විටත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එල්ල වී ඇති බවයි.

ඒ හේතුවෙන් ජන නායකයා වශයෙන් එම අදහස් පිළිබදව අවධානය යොමු කරන ලෙසයි උන්වහන්සේ එම ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

එමෙන්ම, මල්වතු සහ අස්ගිරි පාර්ශවවල භික්ෂූන්වහන්සේද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ නම් එය රටට යහපත් ආකාරයෙන් ගෙන ආ යුතු බවයි ඒ පිළිබදව අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් සහ මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය පහමුණේ සුමංගල නාහිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණා.

The post කාදිනල් හිමියනුත් විස්ස ගැන සංඝරත්නයේ මතයට එකඟයි – ඇල්ලේ ගුණවංශ හිමි appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

22 Views