කහතුඩුව හයිඩ්‍රාමනි කර්මාන්තශාලාවත් කොරෝනා ආක්‍රමණය කරයි

හතුඩුව හයිඩ්‍රාමනී ඇගළුම් කර්මාන්තශාලාවේ සේවය කරන නිලධාරිණියකට සහ ඔහුගේ සහෝදරයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔවුන් හොරණ ඔලබොඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම නිලධාරිණිය සහ ඇයගේ සහොදරයා මිනුවන්ගොඩ පැවති මංගල උත්සයකට සහභාගී වී ඇති අතර එහිදී ඔවුන් සමඟ සිටි සමීපතමයෙකුට නව කොරෝනා වෛරසය ආසාදිත බව හෙළි වී තිබුණා. ඒ අනුව මොවුන් දෙදෙනාට සිදු කල පරීක්ෂණ වලදී ඔවුන්ට ද වෛරසය ආසාදිත බව හෙළි වුණා.

හයිඩ්‍රාමනී කර්මාන්තශාලාවේ සියළුම සේවක සේවිකාවන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

22 Views