කටුනායක වෙළඳ කලාපය වසා දැමීමේ අවශ්‍යතාවයක් තවමත් නැහැ- ප්‍රසන්න රණතුංග

කටුනායක වෙළද කලාපය වසා දැමීමේ අවශ්‍යතාවයක් තවමත් මතුව නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර තිබෙනවා.

සෞඛ්‍යය අංශ නිර්දේශ මත මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා පෙන්වා දෙනවා.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කර තිබෙනවා.

මේ අතර ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කලාප තුළ හා ඉන් පිටස්තර කර්මාන්ත ශාලා සඳහා මෑන් පවර් සේවකයන් යොදා ගැනීමේ දී ඒ සඳහා මාර්ගෝපදේශ ලබාදීමට ද කටයුතු කර ඇතැයි ඇමතිවරයා පවසනවා.

සෞඛ්‍යය අංශ නිර්දේශ අනුව මෙම පියවර ගෙන තිබෙන අතර ඒ අනුව මෑන් පවර් සේවකයන් කර්මාන්ත ශාලාවල සේවයට යොදවා ගැනීමේ දී එකම සේවක කණ්ඩායමක් ඒ සඳහා යොදවා ගන්නා ලෙස කාර්මාන්ත ශාලා හිමියන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

කර්මාන්ත ශාලා තුළ සෞඛ්‍යය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම පිළිබදව ආයෝජන මණ්ඩලය විශේෂ අවධානයක් යොමුකර ඇතැයි පවසන ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් පසු විපරමක් ද සිදුකෙරෙන බවද සදහන්

The post කටුනායක වෙළඳ කලාපය වසා දැමීමේ අවශ්‍යතාවයක් තවමත් නැහැ- ප්‍රසන්න රණතුංග appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

28 Views