එක් දිනකදී ගෝලීය කොරෝනා ආසාදිතයන් ලක්ෂ හතරක්

දිනකදී වාර්තා වූ වැඩිම ​ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉකුත් සිකුරාදා (16) වාර්තා විය. එය ආසාදිතයන් 400,000 කි. මෙම තත්ත්වය වාර්තා වූයේ යුරෝපයේ දෙවැනි රැල්ලක් ඇතිව තිබියදී එය පාලනය කිරීම සඳහා නව සීමා ඇති කරමින් තිබියදීය. පළමු වටය රැල්ල පාලනය කිරීමට යුරෝපය සමත් වූ නමුත් මෑත සති කිහිපය තුළ තත්ත්වය යළි වෙනස් විය. දිනකට සාමාන්‍යයෙන් 140,000ක් පමණ ආසාදිතයන් වාර්තාවීමට පටන්ගෙන ඇති බව පසුගිය සතියේ දැකගත හැකිවිය. කලාපයක් ලෙස යුරෝපයෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන ඉන්දියාව, බ්‍රසීලය හා ඇමෙරිකාවද ඉක්මවා තිබේ.

ලොව පුරා වාර්තාවන ආසාදිතයන් 100 දෙනෙක්ගෙන් 34 දෙනෙකුම යුරෝපයෙන් හමුවන බව රෝයිටර් වාර්තා කරයි. යුරෝපා කලාපයෙන් සෑම දින 9කට වරක්ම නව ආසාදිතයන් මිලියනය ඉක්මවන අතර වසංගත ව්‍යාප්තිය ඇරැඹි තැන් සිට මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් ගණන මිලියන 6.3කි. ඔක්තෝබර් 18 වැනිදායින් අවසන් වූ සතිය තුළ යුරෝපයේ වැඩිම ආසාදිතයන් වාර්තා වූයේ එක්සත් රාජධානිය, ප්‍රංශය, නෙදර්ලන්තය හා ස්පාඤ්ඤය වැනි රටවලිනි. යුරෝපයේ සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් අඩකට වඩා හමුවන්නේ මේ රටවලිනි. ඉනුත් වැඩිම ආසාදිත සංඛ්‍යාව ප්‍රංශයෙන් වාර්තා වේ. එක දිගට 7 වැනි දිනටත් ප්‍රංශය එකී ස්ථානයේ පසුවිය. එම දෛනික සාමාන්‍ය 19425ක් පමණ වේ. එනම් එක්සත් රාජධානිය, රුසියාව, ස්පාඤ්ඤය හා නෙදර්ලන්තය යන රටවලට පසුව සිටින්නේ ප්‍රංශයයි.

76 total views, 76 views today

The post එක් දිනකදී ගෝලීය කොරෝනා ආසාදිතයන් ලක්ෂ හතරක් appeared first on .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

51 Views