එකම පවුලේ තිදෙනෙක් වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට

මාධ්‍යවේදියා ::

ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ කුඹුරු වගාවට ජලය ගැනීම සඳහා කැපූ ළිඳක වැටී එකම පවුලේ ළමුන් තිදෙනෙකු මියගොස් තිබේ.

අද (19) උදෑසන සිට ළමුන් තිදෙනා අතුරුදන්ව සිටි බැවින්, ඒ පිළිබඳව සොයා බැලීමේදී එම ළිඳ තුළ තිබී ඔවුන්ගේ සිරුරු හමුව ඇත.

වයස අවුරුදු 15 ක් හා 12 ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු හා ඔවුන්ගේ 7 හැවිරිදි සහෝදරයා එලෙස මියගොස් තිබේ.

මෘත ශරීර මේ වනවිට ගලේවෙල රෝහලේ තැන්පත් කර ඇත.

ගලේවෙල පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post එකම පවුලේ තිදෙනෙක් වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට appeared first on මාධ්‍යවේදියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

26 Views