අනවසරෙන් නිදන් හෑරැ පිරිසක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස කැණීම් සිදු කළ පිරිසක් අත්අඩංගුවට ගැනේ.

කඩවත පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කඩවත ප්‍රදේශයේ කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු කැණීම් උපකරණ හා පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් කිරිල්ලවල, දොම්පේ හා පූගොඩ ප්‍රදේශවල පදිංචි අවුරුදු 28,31,38,42 හා 54 වයස් වල සැකකරුවන් වේ.

ඔවුන්ව මහර මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කෙරේ.

කඩවත පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

40 Views