සාපෙළ ප්‍රතිඵල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ ගැනත් නිළ තීරණයක් මිනිත්තු 2 කට පෙර

අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එළඹෙන අප්‍රේල් 30 ට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ අගෝස්තු මස පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගය කල් දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
එම නිවේදනය පහතින්
2020 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික ප‍ත්‍ර උසස් පෙළ විභාගය  කල් දමා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති අතර අදාළ විභාගය සම්බන්ධයෙන් එබඳු තීරණයක් ගෙන නැති බවද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටී.
මුළු ලොවම ඛේදජනක ඉරණමකට ඇද දමා ඇති නව කොරෝනා (COVID -19) ගෝලීය වසංගත තත්ත්වය හමුවේ අප රටක් හා රජයක් ලෙසින් වඩාත් විද්‍යාත්මකව හා ධෛර්‍යයසම්පන්නව මුහුණ දෙමින් සිටින ඉතා තීරණාත්මක මේ මොහොතේ මෙවැනි  වගකීම් විරහිත ප්‍රකාශවල නොයෙදෙන ලෙස සියලු පාර්ශවයන් හට දන්වා සිටින අධ්‍යාපන අමාත්‍යාංශය , සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා  සිටින්නේ රජය විසින් නිකුත් කරන නිළ ප්‍රකාශ සහ පුවත් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලෙසට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

26 Views