වසර 2500ක් පැරණි විශාල සොහොන් බිමක් ඊජිප්තුවෙන් හමුවෙයි

 ජිප්තුවේ කයිරෝ අගනුවරට දකුණින් පිහිටි සක්කාරා නෙක්රොපොලිස් ප්‍රදේශයේ සිදුකළ කැණීමකින් ලීයෙන් තනා අලංකාර කෙරුණු ඉපැරණි මිනී පෙට්ටි 27ක් සහිත සොහොන් ගැබක් හමුවී ඇතැයි එරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පවතින දත්ත අනුව
මෙම සොහොන් ගැබ වෙත වසර 2,500ක පමණ අතීතයක් හිමි බව ඔවුන් සඳහන් කරයි. පොළෝ මට්ටමේ සිට අඩි 36ක් පහළින් මෙම සොයා ගැනීම සිදු කරගෙන තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ එකවර වැඩිම මිනී පෙට්ටි ප්‍රමාණයක් හමුවීමයි.

මේ මාසය ආරම්භයේදී සිදුකළ කැණීම්වලදී පළමු වරට මෙවැනි ලීයෙන් තැනූ මිනී පෙට්ටි 13ක් හමුව ඇති අතර, පසුව තවදුරටත් කළ කැණීම්වලදී තවත් එවැනිම මිනී පෙට්ටි 14ක් හමුවී තිබේ. ඒ අනුව මෙය ඊජිප්තුව තුළ මෙතෙක් එකම ස්ථානයකදී හමුවුණු වැඩිම මිනී පෙට්ටි ප්‍රමාණය ලෙසද සැලකෙයි.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කළ ඊජිප්තුවේ පුරාවිද්‍යා අමාත්‍යවරයා මෙම මිනී පෙට්ටි සම්පූර්ණයෙන්ම වසා දමා තිබි ඇති බවත්, ඒවා මේ දක්වා කිසිඳු අවස්ථාවකදීවත් විවෘතකර නොතිබූ, බවත් පවසා තිබේ. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සිදුකරන අධ්‍යයනයන් හරහා තවත් සැඟවුණු රහස් රැසක් මතුකර ගැනීමට හැකිවෙනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරයි.  මෙම මිනී පෙට්ටිවලට අමතරව ඉතා කුඩා ප්‍රමාණයෙන් සැකසු ප්‍රතිමා සහ පුරාවස්තු විශාල ප්‍රමාණයක්ද මෙම සොහොන් බිම තුළ තිබී හමුව තිබේ. මෙම පුරාවස්තු හමුවූ ස්ථානය ඊජිප්තුවේ පිහිටි ඉපැරණි අගනුවරක් ලෙස සැලකුණු මෙම්පිස් නුවරේම කොටසකි. මෙම නගරය අද වනවිට යුනෙස්කෝවේ ලෝක උරුමයක් ලෙසද නම්ව තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

40 Views