මාතර ජල ටැංකියේ පරෙවියා මුදාගත් කතාව

මාතර හක්මන පාරේ වතුර ටැංකිය (කුලුන) මුදුනේ සරුංගල් යවන තංගුස් නුලක පැටලි ජිවිතයත් මරණයත් අතර සටනක නිරතවු පරවියෙකු බේරාගැනිමේ මෙහෙයුමක් දියත්ව තිබේ. සිද්ධිය සැකෙවින් මෙසේය. 

පසුගිය දිනෙක මෙම පරවියා නුලේ පැටලි ඇති අතර එය දුටු අසල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වනජීවී කාර්යාලය දැනුවත් කර ඇතිමුත් වතුර ටැංකි මුදුනට ළගාවිමේ පහසුකම් නොමැති වීම මත එම ප්‍රයත්නය නිෂ්ඵලවී ඇත. ඉන් අධෛර්ය නොවු ඔහු ඉන්පසුව ඊට පසු දින මාතර නගරාධිපතිවරයා වෙත මේ පිලිබඳ දැනුම් දෙන්නේ කෑම,වතුර නොමැතිව රෑයක් පහන් කල පරවියා දැක දැක මියයනු බලාසිටිය නොහැකි හෙයිනි. 

නගරාධිපතිවරයා වහාම ගිනිනිවන ඒකකය අදාල ස්ථානයට යොදවන අතර ඔවුන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වතුර ටැංකියට ඇතුළු වීමයි. මෙම මෙහෙයුම සදහා මධ්‍යම පරිසර අධිකාරිය මාතර දිස්ත්‍රික් කාර්යාලය ,ඛනිජ තෙල් නිතිගත සංස්ථාව ,මාතර නගර සභාව,ජලසම්පාදන දෙපාර්තමේන්තුව , වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය , මාගා ආයතනය ඇතුළු ආයතන රැසක නිලධාරීන් හා ස්වේච්ඡා සහන සේවකයන් රැසක් එක්ව ඇති අතර පසුව ගිනිනිවන ඒකකයේ නිලධාරීන් ඉතා අසිරු මෙහෙයුමකින් පසුව පරවියා මුදාගෙන තිබේ. මුදාගත්එ අවස්නතාවේ රැස්ව සිටි හැමෝගෙම අත්පොළසන් හඩ ලැබුණ බවද කියැවිණි. ඒ වෙනවිටත් පරවියා ප්‍රතිකාර කිරිම සදහා භාර ගැනිමට වනජිවි දෙපාර්තමේන්තුවේ මිරිස්ස කාර්යාලයේ නිලධාරීන් පැමින සිටි අතර පරවියා එවනවිට සුවෙන් පසුවිය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

32 Views