බින් ලාඩන්ගේ ලේලියගේ සහායත් ට්‍රම්ප්ට !

හිටපු අල්-කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ ඥාති දියණියක මේ වන විට පුවත් මවමින් සිටින අතර, ඇය පවසා තිබෙන්නේ ඇමරිකාව ත්‍රස්තවාදයෙන් බේරාගත හැකි එකම ජනපති ට්‍රම්ප් බවයි ! ‘මගේ ආදරණීය ජනපති‘ (My beloved President) යනුවෙන් ඇය ට්‍රම්ප් ගැන හඳුන්වන ආකාරය ද දැකගන්නට ලැබේ. තමන් හදවතින් ඇමරිකානුවෙක් බව ද ඇය පවසයි. කුඩා කාලයේ පටන්ම තම නිදන කාමරයේ ඇමරිකානු ධජයක් තිබූ බවත්, හැකි සෑම විටකම සිය මව සමග ඇමරිකාවට ගිය බවත් ඇය කියා තිබේ.

ඔසාමා බින් ලාඩන්ගේ අර්ධ සහෝදරයෙකුගේ දියණිය වන ඇය නූර් බින් ලාඩන් ඉපදී ඇත්තේ ද ජීවත් වන්නේ ද ස්විට්සර්ලන්තයේ ය.

‘බින් ලාඩන්‘ වෙනුවට ‘බින් ලාඩින්‘ යන වාසගම පාවිච්චි කරන නූර් බින් ලාඩින් ස්විට්සර්ලන්තයට පැමිණ තිබෙන්නේ සිය දෙමාපියන්ගේ විවාහයත් සමග ය. බින් ලාඩන්ගේ අර්ධ සහෝදරයා වූ යෙස්ලාම් බින් ලාඩින් විවාපත් වූයේ ස්විට්සර්ලන්ත ජාතික ලේඛිකාවක සමග ය. කාමන් ඩුෆූර් නමැති ඇය, 2004 වසරේදී ‘Inside the Kingdom: My Life in Saudi Arabia’ in 2004 යනුවෙන් බින් ලාඩන් පවුල තුළ සිය ජීවිතය ගැන පොතක් ද ලියා තිබේ.

නූර් බින් ලාඩින්ගේ පියා ඔසාමා බින් ලාඩන්ගේ අර්ධ සහෝදරයෙකි

‘‘මම 2015 ඉඳන්ම ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ රසිකයෙක්‘ යැයි ද ඇය කියන්නීය.

මේ වන විට මෙම පුවතට විශාල ප්‍රසිද්ධියක් ලැබෙමින් පවතින්නේ, ඇමරිකාවේ පදනම් සසල කළ සැප්තැම්බර් 11 ප්‍රහාරය (9/11 ප්‍රහාරය) සිදුකළ මහමොළය වූයේ, එනම් ඇගේ ආදරණීය ජනාධිපතිගේ රටට එදා මෙදාතුර බිහිසුණුම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ ඇගේ බාප්පා විසින් වීම නිසා ය.

මෙයින් නොනැවතී නූර් බින් ලාඩන් මේ වන විට ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක්ම සිදුකරමින් සිටියි.

එයින් එකකට අනුව, ඇමරිකාවට තවත් මෙවැනි ප්‍රහාරයක් එල්ල වීම වලක්වා ගත හැක්කේ ඩොනල්ඩ් ට්‍රම්ප් හට පමණි.

33 හැවිරිදි නූර් බින් ලාඩන් තවදුරටත් පවසනන්නේ, මෙවර ට්‍රම්ප් වෙනුවට ජෝ බයිඩන් ජනාධිපති වුවහොත්, තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවයි! ඇමරිකා එක්සත් ජනපදයේ වාමාංශිකයන්, වර්ගවාදීන් සමග එක්ව සිටින බවටත් ඇය චෝදනා කරන්නීය.

ඒ අනුව ඇය තරයේ කියා සිටින්නේ ට්‍රම්ප් නැවත ජනාධිපති වශයෙන් තේරී පත්විය යුතු බව ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

23 Views