පොහොට්ටු පාලනය යටතේ මාස 11ක් තුළ තුන්වැනි CID අධ්‍යක්ෂකත් පත්‍ කෙරේ !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා වශයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

මේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය යටතේ මාස 11ක් තුළ මෙම තනතුරට පත් කෙරුණු තුන්වැනි නිලධාරියාය.

නව රජය යටතේ මුලින්ම මෙම තනතුරට පත් කරන ලද්දේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව භාරව සිටි ඩබ්ලිව්. තිලකරත්න මහතාය. පසුව ඔහුව ඇමති ආරක්ෂක කොට්ඨාශයට මාරු කරන ලදී. ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ධුරයට පත්කරන ලද්දේ එතෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාව සිටි ප්‍රසන්න අල්විස් මහතාව ය. නිශාන්ත ද සොයිසා මහතාගේ නව පත්වීමත් සමඟ ප්‍රසන්න අල්විස් මහතා යළි ඔහුගේ පැරණි තනතුරටම අනුයුක්ත කර ඇති බව සඳහන්.

නව රජය බලයට පත්වීමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ධුරය දැරූ ශානි අබේසේකර මහතා මේ වනවිට බන්ධනාගාරගත කර තිබේ.

RN

LANKANEWSWEB

The post පොහොට්ටු පාලනය යටතේ මාස 11ක් තුළ තුන්වැනි CID අධ්‍යක්ෂකත් පත්‍ කෙරේ ! appeared first on Online sinhala news site in sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 Views