පාර්ලිමේන්තුවේ කොරෝනා ආසාදිතයෙකු නෑ.
අද පාර්ලිමේන්තුවේදී කථානායකවරයා දැනුම් දී සිටියේ බත්තරමුල්ල, පැලවත්ත ප්රදේශයේ පිහිටා තිබෙන පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සේවකයෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත්, පිටස්තර පුද්ගලයින්ට එහි ඇතුල්වීම සීමා කොට ඇති බවයි.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව අතිරේක ලේකම් එච්.ඩි.එස්.මල්කාන්ති මහත්මිය පවසනවා.
එම සේවකයාගේ පවුලේ හිතවතෙක් බ්රැන්ඩික්ස් ආයතනයේ සේවය කිරීම නිසා ආරක්ෂාකාරී පියවරක් ලෙස පිටස්තර කිසිවෙකුට එම අංශයට ඇතුල්වීමට අවසර නොදීමට තීරණය කළ බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.