තලවකැළේ වෙළඳසැලක ගින්නක්

තලවකැළේ නගරයේ, ප්‍රධාන වීදියේ පිහිටි ග්‍රොසරි වෙළඳසැලක අද (18) පෙ.ව. 07.00 ට පමණ ඇතිවූ හදිසි ගින්නකින් එම වෙළඳසලට බරපතල ලෙස හානි සිදුව ඇති බව තලවාකැලේ පොලීසිය පවසනවා.

ගින්න පැතිරයාම වළක්වමින් තලවකැළේ පොලීසිය නගරවාසීන් සමග එක්ව නිවා දැමීමට කටයුතු කර තිබෙන අතර කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තලවකැලේ පොලීසිය සිදු කරනවා.

The post තලවකැළේ වෙළඳසැලක ගින්නක් appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

36 Views