ඩි කොක්ගේ කලිසමක් කළ හදියක්! MI අලෙවිකරණ කණ්ඩායමෙන් මැසිවිලි!
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව සිකුරාදා (16) පැවති තරගයෙන් විශිෂ්ට ජයක් අත්පත් කරගැනීමට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ ජයග්‍රහණය උදෙසා ලකුණු 149ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉනිමේ ප්‍රධාන බලකණුව බවට පත් වූ සුපිරි ආරම්භ පිතිකරු ක්වින්ටන් ඩි කොක් පන්දු 44ක් පමණක් වැය කරමින් තීරණාත්මක ලකුණු 78කින් මුම්බායි ඉනිම සවිබල ගැන්වීමට කැපී පෙනෙන දායකත්වය ලබා දුන්නේය.
තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලද ඩි කොක් මුම්බායි පිළිතුරු ඉනිමේ ආරම්භයේ සිට අවසානය දක්වා කඩුල්ල ආරක්ෂා කරගනිමින් දියත් කළ එම වගකීම් සහගත ඉනිම පිළිබඳ බොහෝ පාර්ශවයන් සිය ප්‍රසාදය පළකොට තිබෙන අයුරු දැකගන්නට ලැබුණි.
තවත් ක්‍රිකට් පුවත්:
- පාකිස්තාන සුපිරි තරුවක් පිටියෙන් සමුගනී
- LPL තරගාවලියේ නිල ලාංඡනය නිකුත් වෙයි
- අර්ධ ශතක සැමරුමෙන් Universal Boss පිළිතුරු ලබාදෙයි
සියල්ල හොඳින් සිදුවෙමින් පැවති මොහොතක ඩි කොක් පැලඳ සිටි කලිසම සම්බන්ධයෙන් තරමක ගැටලුකාරී තත්වයක් පැන නැඟී තිබුණේ ඔහු අතපසුවීමකින් පුහුණුවීම් කටයුතු සඳහා පමණක් වෙන්කොට ඇති කලිසමෙන් සැරසී ක්‍රීඩා කිරීම නිසාවෙනි.
ඩි කොක්ගේ අපරික්ෂාකාරී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මුම්බායි කණ්ඩායම සඳහා අනුග්‍රහකත්වය සපයන සමාගම් කිහිපයක්ම දිගින් දිගටම තමන් සමඟ මැසිවිලි නැඟූ බව ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන තරගයෙන් අනතුරුව පැවති ක්‍රීඩක හමුවේ දී මතක් කරදෙන්නට විය.
“ක්විනීට කලිසම මාරු වුන එක තමයි ප්‍රශ්නෙ. අනිත් ඔක්කොම හොඳින් සිදු වුනා. ආයිත් නම් ඔය වැඩේ කරන්න එපා. මොකද අලෙවිකරණ කණ්ඩායමේ ඉන්න නිලධාරීන් විතරක් නෙමෙයි අනිත් කට්ටියත් පිස්සුවෙන් වගේ කියවන්න පටන් ගනිවි” යනුවෙන් මුවඟ සිනහවකින් සරසාගත් මහේල ජයවර්ධන තම ක්‍රීඩකයින් පිරිස අමතමින් සඳහන් කර සිටියේය.
Milestone alert
Last night, Quinton de Kock became the first #MI player to play an @IPL match in his 𝕥𝕣𝕒𝕚𝕟𝕚𝕟𝕘 𝕥𝕣𝕠𝕦𝕤𝕖𝕣
#OneFamily #MumbaiIndians #Dream11IPL @MahelaJay pic.twitter.com/TYjJfv6K2j
— Mumbai Indians (@mipaltan) October 17, 2020
ඩි කොක් දායකත්වය ලබා දුන් පළමු තරග හතරේ දී ඔහුට රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 48ක් පමණක් වුවත් සහභාගී වූ අවසන් තරග හතරේ දී ලකුණු 220කට ආසන්න සංඛ්‍යාවක් රැස්කර ගනිමින් සුපුරුදු රිද්මයට අනුගත වීමේ අවස්ථාවක් ඔහුට උදා විය. කඩුල්ලෙහි රැඳී සිටිමින් උපායමාර්ගිකව ලකුණු සොයා යාමේ අවශ්‍යතාව තමන් අවබෝධ කරගත් නිසාවෙන් දිගු ඉනිමකට සූදානමින් වී තරගය වෙත අවතීර්ණ වූ බව ඔහු ත්‍යාග ප්රදානෝත්සවය අතරතුර දී පවසා සිටියේය.
“මම ඇත්තටම කනගාටුවෙන් හිටියේ පහුගිය තරගය අවසන් වෙනකල් ක්‍රීඩා කරන්න බැරි වුන එක ගැන. මහේල මාත් එක්ක ඒ ගැන කථා කළා. ඔහු නිතරම අපිත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. අපේ මානසිකත්වය ඉහළ නංවන්න ඒ දේ ලොකු පිටිවහලක් වෙනවා. කඩුලු රැකීමේ අංශයෙනුත් තව දියුණු විය යුතු දේවල් කිහිපයක් තියෙනවා.”
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
The post ඩි කොක්ගේ කලිසමක් කළ හදියක්! MI අලෙවිකරණ කණ්ඩායමෙන් මැසිවිලි! appeared first on ThePapare.com.