කෘෂි ව්‍යාපෘති කඩිනමින්
ලෝක බැංකු ව්‍යාපෘතියේ නිලධාරින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයා හමුවේ.
ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති හමුවට ලෝක බැංකු අධ්යක්ෂ ෆාරිස් හඩාඩ් සර්වෝස් හා ලෝක බැංකු ඉහළ පෙළේ දූත පිරිසක් සහභාගි විය.
එහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ ලෝක බැංකු ව්‍යාපෘතිය හා මෙහෙයුම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
එම වැඩ තව දුරටත් ශක්තිමත් කිරීම, අමාත්‍යාංශය සමග සමීපව කටයුතු කිරීම, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වැඩ කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බව දෙපාර්ශවයම අවධාරණය කළහ.
ලෝක බැංකු ශ්‍රී ලංකා කළමනාකාර චියෝ කන්ඩා, ප්‍රධාන කෘෂිකර්ම විශේෂඥ ඇන්ඩෘ ගුඩ්ලන්ඩ් හා ජ්‍යෙෂ්ඨ ග්‍රාම සංවර්ධනය විශේෂඥ සිනිතම්බි මනෝහරම් එහි සෙසු සාමාජිකයෝ වූහ.