උඩුගුවනින් ඉසින පිරිත් පැන් –

උද්ගත වී ඇති තත්ත්වය හමුවේ රටට සෙත්පතා ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේදී සජ්ජායනය කළ රතන සූත්‍ර දේශනයේ පිරිත් පැන් බස්නාහිර පළාත පුරා උඩුගුවනින් ඉසීම දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහභාගීත්වයෙන් අද දහවල් සිදුකෙරුණි.

මේ සඳහා හෙලිකොප්ටර් යානය පරිත්‍යාග කර තිබුණේ IWS හෝල්ඩින් සමාගම විසින්ය.

මෙරට නගර සහ පොදු ස්ථාන රැසක් විෂබීජහරණය කිරීම දැනටමත් ආරම්භ කර තිබෙන අතර ශ්‍රී ලංකා ඉන්ධන තොග තෙල් ගබඩා පර්යන්ත සමාගම, කොළඹ ගිනි නිවීමේ ඒකකය සමග එක්ව කොළඹ මැනිං පොදු වෙළෙඳපොල විෂබීජහරණයට ලක්කිරීම ඊයේ සිදුකළේය.

කල්පිටිය සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරින් විසින් අද උදෑසන කල්පිටිය මූලික රෝහල විෂබීජහරණයට ලක්කළේ මෙලෙසින්ය.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අද උදෑසන කාසල් වීදියේ කාන්තා රෝහල ද විෂබීජහරණයට ලක්කළේය.

මේ අතර වැලිඔය සිවිල් ආරක්ෂක බලකායේ ඇඟළුම් අංශය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල් සඳහා ලබාදීමට මුඛ ආවරණ හා අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යාතනයේ රෝහල් කාර්යය මණ්ඩලට සඳහා ආරක්ෂිත ශරීරාවරණ මසා දීමට කටයුතු කර තිබේ.

අවිස්සාවේල්ල සීතාවක කර්මාන්තපුරයේ පිහිටි ප්‍රයිම් පොලිමර් ආයතන විසින් නිෂ්පාදිත අත් ආවරණ යුගල දස දහසක් එම ආයතන විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දෙනු ලැබුවේ ඊයේ දිනයේදීය.

මේ අතර ඇඹිලිපිටිය ඔරිට් ඇපරල් ලංකා පුද්ගලික සමාගම විසින් නිෂ්පාදිත ආරක්ෂිත ශරීරාවරණ, මුඛ ආවරණ හා හිස් වැසුම් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල් කාර්ය මණ්ඩලය වෙත ලබාදීම පසුගියදා සිදුකෙරුණි.

රටටම සෙත්පතා පිරිත් පැන් ගුවනට මුසු කිරීම ආරම්භ කරයි….

රතන සූත්‍රයෙන් පිරිත් කළ පැන් ගුවනට මුසු කිරීම ආරම්භ කරයි..Commenced sprinkled of holy Rathana Sutta ‘Pirith Water’ on mother Lanka..

Posted by Sri Dalada Maligawa on Friday, March 27, 2020

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

24 Views