ඉදිරි වසර තුනේ ඉදිකිරීම් නෑ…
ඉදිරි වසර තුනක කාලය තුළ සංවර්ධනයට අදාළ ඉදිකිරීම් සිදු නොකිරීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් වී ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් පිලිතුරු ලබාදෙන අවස්ථාවේදී.
කොළොන්නාව ප්‍රදේශයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා පසුගිය රජය මුදල් වෙන්කළ බවත් වර්තමානයේ එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට නොහැකි වී ඇති බවත් එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා පැවසීය.