අනුලා බුලත්සිංහල කළුරිය කරයි.

ප්‍රවීණ කලා ශිලපිනී අනුලා බුලත්සිංහල ජිවිතක්ෂයට පත් වේ.

ඇය ජ්‍යෙෂ්ඨ වේදිකා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් හා ගායිකාවක් ය.

ප්‍රවීණ නාට්‍ය ශිල්පි ගී පද රචක සහ ගත් කතුවර ලූෂන් බුලත්සිංහලගේ දයාබර බිරිද වූ ඇය හර්ෂ හා ඉන්ද්‍රචාපා බුලත්සිංහලගේ ආදරණීය මවයි.

දයානන්ද ගුණවර්දනයන්ගේ මධර ජවනිකා වේදිකා නාට්‍යට ජැක්සන් ඇන්තනි සමග ගැයූ පළමුව මම වැන්දා බුදුන් (නෙයිනගේ සූදුව), ලූෂන් බුලත්සිංහලගේ රතු හැට්ටකාරී වේදිකා නාට්‍යයට ඇය රගපාමින් ගැයූ දී කිරි දී කිරි යන ගීත ඇයගේ ඉතා ජනප්‍රිය ගීත වේ.

ඇය ගැයූ ජනප්‍රිය ගුවන් විදුලි ගී රැසකි. සිය දියණිය සමග ඇය ගැයූ බුදුන් වදින මේ දෑතින් ගීතය ඉතා ජනප්‍රිය විය.

අසනීප තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිට 73 හැවිරිදි වියේදී 2020 ඔක්තෝබර් 16 වැබි දින ඇය අභවප්‍රාප්ත වූවාය.

එතුමියට ලක්දන නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

ඇය ගැයූ ගී කිහිපයක්…

01.https://www.youtube.com/watch?v=7rpnDXumi14
02. https://www.youtube.com/watch?v=XxLePcYdDyo
03. https://www.youtube.com/watch?v=W98HJ17kaZI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

21 Views